ඒජන්ත හාන්දුරුවෝ එනවලු
"වැඩපල" බලන්ට ..
කලා වැවේ බැම්ම දිගේ
ඇවිත් තියෙන්නේ
බලධාරින් , නිලධාරින්,
කරත්තෙකුත්
පිරිවරාන අපේ ,
ගමටනේ බොලේ..
උන්නන්සේ ,
මහා තේජවන්ත විලාසයෙන්
පාද තියනකොට
සිංහ ලීලාවයි
බලන්ට සිරියාවයි..
අපේ වසමේ ආරච්චිල,
දෙකට තුනට නැමිලා
එකත් පස්ව
නළලට අත් තියල
වැන්දම
උන්නාන්සේ පිළිගන්නේ
කට කොනින්
යන්තන් හිනා වෙමින්..
"කොහොමද ආරච්චිල ?"
"වැඩපලේ හරි හරි යට වද හාන්දුරුවනේ"
"හ්ම්ම්"
_________________________________________________________________________________ ____________
දිසාපති එනවලු
සහනදාර "වැඩපල" ට
Field trip එකක්
කලා වැවේ බැම්ම දිගේ
Prado එක වේගෙට
වැව් බැම්මේ ඉඳං
cute wife & Daughter
එක්කගෙන,
මිනිස්සු පිරිලා
කූඩ , උදලු තොප්පි
පෝස්ටර් , බැනර්
craemsoda, පුටු මේස
බෙල්ල කඩන මොර දෙන
යකඩ කටවල් ..
ග්‍රාමසේවක "අරය"ව
shake hand
කරල පිළිගන්නේ
"හ්ම්ම් how is it going ? "
"all okay sire , පොඩි ප්‍රශ්නයක් තියනව "
"what is it "
"දවසට පස් කියුබ් බාගයක් කපන්න බෑ කියන්නේ "
-what the fuck ග්‍රාමේ ?-
No comments:
Post a Comment